Tuesday, September 21, 2010

සිංහලෙන් Wordpress ඉගන ගනිමු.

මගේ බ්ලොග් එකට කාටත් ප්‍රයෝජනවත් පෝස්ට් එකක් ලියන්න කියල හිතුවා.

මම මේ පොස්ට් එකෙන් බලාපොරොතු වෙන්නෙ word press කියන Blogginig software එක ගැන මම දන්න විදියට කියලා දෙන්න.

මුලින්ම බලමු මේ software එක install කරගන්නෙ කොහොමද කියලා. මේ software එක run කරන්න නම් php run කරන්න පුළුවන් web server එකක් තියෙන්න ඕන.මේ word press software එකේ back end එක run වෙන්නෙ my sql database හරහා.මේ නිසා මුලින්ම අපි wamp server එක install කරගෙන ඉන්න ඕන.wamp server එකේ server එකක් සහ mysql database එකක් run වෙනවා. කරන විදිය කෙටියෙන් කියන්නම්.


Install Wamp Server.

Wamp server එක free download කර ගන්න පුළුවන්. ඊට පස්සෙ සාමාන්‍ය විදියට ඒ file එක මත double click කරල install කර න්න.

wamp server එක free download කරගන්න පුළුවන් මෙතනින්.

Install කරද්දි පහත windows ලබේවි.



ඔබ භාවිතා කරන වෙබ් බ්‍රව්සරය default වෙබ් බ්‍රව්සරය ලෙසට දෙන්න.


දැන් wamp server එක install කරගෙන ඉවරයි.


Install Wordpress

දැන් අපි බලමු wordpress sofware එක install කරන විදිය

දැන් පහත දැක්වෙන ආකාරයට wamp server එක start කරගන්න ඕන.

Right click on Wamp server ---------------------- > phpMyAdmin


මුලින්ම අපි database එකක් හදාගන්න ඕන. ඒ සඳහා wamp icon එක මත click කරලා phpmyadmin මගින් database එක හදා ගන්න ඕන.




ඔහොම තමයි data baseඑක හදා ගන්න විදිය.එතාමත් සරලව. මේක හරියට හදා ගත්තෙ නැත්නම් බ්ලොග් එක කොහොමටවත් හදාගන්න බැරිවෙයි.

මම wordpress කියන database එක මේ අකරයට හදා ගත්තා. මී ළඟට wordpress software එක download කරගන්න ඕන.wordpress software එක මෙතනින් download කරගන්න පුළුවන්.දන් ඒ ලබුණු zip ෆොල්ඩර් එක extract කරගෙන C:\wamp\www කියන තැන paste කරනවා. Wamp server එකේ තියන www කියන ෆොල්ඩර් එක root folder එක ලෙස හඳුන්වනවා.


ඉන්පසු web browser එකේ address bar එක මත localhost type කරන්න.

දැන් wamp server එකේ Your Project කියන එක යටතේ wordpress එකට අදාල folder ද දකින්න පුලුවන්. දැන් අපිට ඒ ෆොල්ඩෙර් එක මත click කරලා හෝ address bar එකේ C:/wamp/www/wordpress ලෙස type කරල ඉන්ස්ටෝල් කිරීම ආරම්භ කරන්න පුළුවන්.

එවිට පහත ආකාරයේ ම එකක් දකින්න ලැබේවි.




මේ massage එකේ සඳහන් වෙන්නෙ, wp-config.php කියන ෆයිල් එකක් තිබිය යුතුයි ලු root directory යේ.නමුත් දැන් ඒක නැතිලු.

ඒක නිසා wordpress කියන ෆෝල්ඩර් එකේ තියන wp-config-sample.php ෆයිල් එක wp-config.php ලෙස rename කල යුතුයි. පස්සෙ refresh කරන්න. එවිට “Error establishing a database connection” ආකාඒයට massage එකක් දකින්න පුළුවන්. ඒ කියන්නෙ තවත් error එකක්.දැන් ඒකත් හදමු. ඒ සඳහා wp-config.php කියන ෆයිල් එක open කරන්න. දැන් ඒ file එක edit කරන්න ඕන.


DB_NAME සඳහා wordpress ද

DB_USER සඳහා root ද

DB_PASSWORD සඳහා ‘ ’ ද ( මුලින් database එකට password එකක් අපි දුන්නෙ නැති නිසා.)

DB_HOST සඳහා localhost

ලබා දී save කරන්න. දැන් නැවතත් web browser ය refresh කරන්න.

එවිට පහත වින්ඩො එක දකින්නට පුළුවන්.එහි Site name ,user name, password, email type කර Install Wordpress button මත click කරන්න.




දැන් Login button එක මත click කර අපේ wordpress වෙබ් site එකට ලොග් වෙන්න පුළුවන්. පහත වින්ඩෝ එකෙන් පෙනෙන්නෙ admin control panel එකට ලොග් වෙන login page එක.

දැන් අපේ wordpress බ්ලොග් එක මුලිකව හදල ඉවරයි.අපි හදපු blog එක බලන්න නම් browser එකේ adress bar එකේ http://localhost/wordpress ලෙස type කරන්න.

මේක තමයි අපෙ blog එක හැදිල තියන විදිය